Friday 19th of June 2026

English Tamil
Advertiesment


දේශපාලන සංවිධාන 10ක් තිස්ස එක්ක සන්ධාන ගත වෙයි..!


2018-09-11 14880

පුළුල් එකමුතුවක්-ජාතික සැලැස්මක්..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ අලුත් දේශපාලන පක්ෂය සමග සන්ධාන ගතවීම සඳහා දේශපාලන පක්ෂ 5ක් සහ සංවිධාන 5ක් මේ වන විටත් එකඟතාවය පළ කර ඇත.

මේ දේශපාලන පක්ෂ සහ සංවිධාන නායකයින් තිස්ස අත්තනායක මහතා සමග කොළඹදී විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධාන එකට ඒකරාශී කර පුළුල් දේශපාලන එකමුතුවක් ගොඩනැගීමට ද එහිදී තීරණය කර ඇත.

රට ගොඩනැගිය හැකි ජාතික දේශපාලන සහ ආර්ථික සැලැස්මක් සකස් කර මහ සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් ඇතුළු ජනතාවට ඉදිරිපත් කර රටේ පුළුල් සංවාදයක් ඇති කිරීමට ද එහිදී වැඩිදුරටත් තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පැරණි,ජ්‍යෙෂ්ඨ සහ ප්‍රබල දේශපාලන නායකයින් ඇතුළු ක්‍රියාකාරීන් ගණනාවක් සමග ද තිස්ස අත්තනායක මහතා මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇත.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment